අහිකුණ්ඨක හදවත – රසික ජයකොඩි | A Gypsy Heart by Rasika Jayakody මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.
වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බත වෙනකොට අර ‘ නැංගුරම් සිහින’ ඉබේ ම දියබත් වෙලා, තවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔනේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.
ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අභිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..
ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නිඳෙන් මාව ඇහැරවන්න එන්න එපා.”

