නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 1

Rs.1,850.00

“…තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි;  රිදී පැහැ අතුපතර අළු පැහැයෙන් බොඳ වී ගියේ ය. හැඳිවත උනා දමා, උරහිස් මතින් ඉණ තෙක් කඩා හැලෙන මේ දැන් වියැළුණු කේශ කලාපයෙන් පමණක් ආවරණය වූ ඇය ඔහුගේ දෑත් මත වාඩි වී හුන්නා ය. “එය මීට පෙර කවදාවත් සිදු වූ දෙයක්

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

නූර් ජහාන් - අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 1
නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 1
Rs.1,850.00

නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය I – Nur Jahan – The Feast of Roses – The Story of the Empresses of the Harem I “…තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි;  රිදී පැහැ අතුපතර අළු පැහැයෙන් බොඳ වී ගියේ ය. හැඳිවත උනා දමා, උරහිස් මතින් ඉණ තෙක් කඩා හැලෙන මේ දැන් වියැළුණු කේශ කලාපයෙන් පමණක් ආවරණය වූ ඇය ඔහුගේ දෑත් මත වාඩි වී හුන්නා ය.

“එය මීට පෙර කවදාවත් සිදු වූ දෙයක් නොවේ.”

අවසානයේ ජහන්ගිර් පැවසුවේ ය. සැබෑ ය; එය මීට පෙර එසේ වී නොමැත. ඔහුගේ සෙනානා හි කාන්තාවෝ, ඔහුට ඔවුන්ගේ ඇති ඥාතිත්වය කුමක් වුවත් සෑම විටම අන්තඃපුරයේ ගඩොල් බිත්ති පිටුපස රැඳී සිටියහ. ඔවුන් ඇහුම්කන් දුන්නේ පිටත සිට ය; ඔවුන් නියෝගයන් කළේ ද ආවතේවකරුවන්, දාසියන් හෝ පණ්ඩකයින් මගිනි; ඇහුම්කන් දුන්නේ ද, ඔහු ඔවුන්ට අවශ්‍ය දෙයක් කළ විටෙක පමණි.

“කුමක් හෙයින්ද ඔබට මෙය අවශ්‍ය?”
“කුමක් හෙයින්ද අවශ්‍ය නොවන්නේ?”ඇය ඊට පිළිතුරු වශයෙන් ප්‍රශ්නයක් ම ඇසුවා ය.
අධිරාජයා මන්දස්මිතයක් පෑවේ ය.
“මට පෙනෙනවා ඔබ මා අසීරුවට පත්කරන්නට යන බව මෙහෙරුනිසා… බලන්න…” ඔහු දෑස් ඔසවා අහස දෙස බැලුවේ ය. ඇය ඔහුගේ බැල්ම අනුගමනය කළා ය.
“ඔබ හිතනවා ද වර්ෂාව ලැබෙයි කියලා?”
“එසේ වුවහොත්…” ඇය මඳ විරාමයක් තැබුවා ය. “එසේ වුවහොත් මට හෙට ජරෝකාවට පැමිණිය හැකිද?”
දැන් වලාකුළු ඔවුන්ගේ හිසට ඉහළින් අහස ආවරණය කර තිබිණි. කුමන මොහොතක හෝ ආග්‍රා නගරයට වැසි බින්දු කඩාවැටිය හැකි බව පෙනෙන තරමට ඒවා වැහිබර විය. ඒ හා ම හමා යන සුළඟක් සූර්ය දිව්‍ය රාජයාට ඔහුගේ මංගල රථය පැදවීමට නැවත මාර්ගය හෙළි කරමින් ඒවා රැගෙන යාමට ද බොහෝ විට ඉඩ ඇත. මෙහෙරුනිසා මෝසම් වැස්සට විධාන දෙමින්
සිටියා ය. ඇය තනිවම සිනාසුණා ය. එය විය නොහැකිද? පළමුව පණ්ඩකයින්; මේ මොහොතේ රාත්‍රී අහස.
“ඔබේ දෙනෙත් පියාගන්න.” ඔහු පැවසුවේ ය.
ඇය එසේ කළා ය. ඔහුගේ දෙනෙත් ද පියාගෙන ඇගේ සුවඳ හඹා යමින් ජහන්ගිර් ඇගේ ගෙල මුලට නැඹුරු වූයේ ය.
ඇය සිය කෙහෙරැලි ඔවුන් වටා ඔතා ගත්තා ය. ඇය දෑස් විවර නොකර ම ඔහුගේ උණුසුම් සුසුම් විඳිමින් සිටියා ය; ඇගේ කෙස් රොදක් ඉවත් කර උරතලයට වැටෙන්නට හරිමින් දහඩිය රේඛාවක් රස බලන ඔහුගේ ආලිඞ්ගනයේ පහස විඳිමින් සිටියා ය; ඔහුගේ රළු ඇඟිලි තුඩු පියයුරු දෙපස දැවටෙද්දී පොපියමින් සැලුණා ය… ඔවුහු යළි වදනකුදු නොබිණූහ.
ඉනික්බිති, ඔවුහු නින්දට වන්හ…”

(පිටු අංක 26, 27 – නූර් ජහාන් 1)