නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 2

Rs.1,850.00

“… රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩු වෙත පා ගමනින් ගියහ; එහිදී ඔවුන් තෝරා දුන් එළුවෙකු, කුකුළන් සහ තාරාවුන් මරා සෝදා ගෝනිවල අසුරනු ලැබිණි. මුළුතැන්ගෙවල ජලය ගෙන එන්නෝ සම් මඩිස්සලවලින් ගෙනා ගං දිය, කෝකියන් ඒවා පාවිච්චි කරන්නට සූදානම් වන තෙක් සුදු රෙදි වැසුම්වලින් බැඳ තිබූ මැටි කලස්වලට

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

නූර් ජහාන් - අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 2
නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය 2
Rs.1,850.00

නූර් ජහාන් – අන්තඃපුර අධිරාජිනියන්ගේ වෘත්තාන්තය II – Nur Jahan – The Feast of Roses – The Story of the Empresses of the Harem II “… රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩු වෙත පා ගමනින් ගියහ; එහිදී ඔවුන් තෝරා දුන් එළුවෙකු, කුකුළන් සහ තාරාවුන් මරා සෝදා ගෝනිවල අසුරනු ලැබිණි. මුළුතැන්ගෙවල ජලය ගෙන එන්නෝ සම් මඩිස්සලවලින් ගෙනා ගං දිය, කෝකියන් ඒවා පාවිච්චි කරන්නට සූදානම් වන තෙක් සුදු රෙදි වැසුම්වලින් බැඳ තිබූ මැටි කලස්වලට වත්කළහ; මිර් බකාවල්, ප්‍රධාන අරක්කැමියා ඒ සෑම පිළිවෙතක්ම හොඳින් පරීක්ෂා කළේ ය.

කෝකියෙක් කිවිසුමක් ඇරියහොත් ඔහු පිටමං කරනු ලැබේ; ඔහු විසින් පිසිනු ලැබූ ආහාර ඉවත දමනු ලැබේ. වෙනත් කෝකියෙක් ඔහු වෙනුවෙන් ආදේශ කෙරේ. ජහන්ගිර්ගේ ප්‍රියතම ආහාරපාන පිළියෙල කරනු ලැබිණි, ඔහු කැමති දේ බොහෝ ය. මේ අපරභාගයේ විවිධ වූ ආහාර වර්ග පණස්එකක් පිළියෙල විය. මඳ ගින්නේ තැම්බූ, වාෂ්පයෙන් තැම්බූ, ඉස්ටු කළ, බදින ලද සහ තම්බන ලද ආහාර වර්ග මුළුතැන්ගෙයි දර ළිප්වල පිසිනු ලැබිණි.

අධිරාජයාට කිසිසේත්ම මේ සියලු ආහාර වර්ග අනුභව කළ නොහැකි ය; අඩු තරමින් මේ සියල්ලෙහි රසබැලීමක්වත් සිදු නොකෙරනු ඇත. එනමුත්, ඔහුට යම් විශේෂ දෙයක් අවශ්‍ය වූයේ නම් එය එහි තිබිය යුතු ය..