ප්‍රාණ – අළුත් සමාජය – රසික ජයකොඩි

Rs.1,000.00

අලුත් සමාජය “අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

ප්‍රාණ - අළුත් සමාජය - රසික ජයකොඩි
ප්‍රාණ – අළුත් සමාජය – රසික ජයකොඩි
Rs.1,000.00

අලුත් සමාජය – The New Society

“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.

අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක.

ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “